30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

අද (24) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ මාර්ගය අවහිර කරමින් පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව අවහිර කරමින් සහ පාර්ලිමේන්තුවට පිවිසිය නොහැකි ලෙස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව අධිකරණය එම නියෝගය ලබාදී තිබෙනවා.

මහ ජනතාවට හා පදිකයින්ට අවහිර වන සේ කිසිදු මාර්ගයක් හරස් කර හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියොජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන අයුරින් හා රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා බාධාවක් සිදුවන අයුරින් හෝ කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අයුරින් අදාළ උද්ඝෝෂණය සිදුකිරීමට වග බලාගත යුතු බව අධිකරණය දැනුම්දී තිබේ.