― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News5500කට අලුතෙන් ගුරු පත්වීම්

5500කට අලුතෙන් ගුරු පත්වීම්

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන නියෝග අනුව දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් විසි දෙදහසකට ඉදිරියේ දී ගුරුපත්වීම් ලබා දීමට හැකි වන බවද මෙහිදී පැවසූ අමාත්‍යවරයා ඊට අමතර ව පළාත් සභා මගින් ද දහතුන්දහස ඉක්මවූ ගුරුවරුන් සංඛ්‍යාවක් බඳවාගැනීම ද උසාවි නියෝග මත ක්‍රියාත්මක කරන බව‍යි සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ලබන පෙබරවාරි මස අග වනවිට මෙම සියලු‍ ගුරු පත්වීම් ලබා දී ගුරු පුරප්පාඩු පුරවා ගුරු හිඟය පූර්ණ වශයෙන්ම මඟහරවා ගැනීම තම අපේක්ෂාව වන බවයි.