― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකොළඹ මාර්ග නීති කැඩූ රියදුරන් 158කට අවවාද

කොළඹ මාර්ග නීති කැඩූ රියදුරන් 158කට අවවාද

CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය පසුගියදායින් (23) ආරම්භ කෙරුණා.

ඒ අනුව ඊයේ (24) දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණ කරන ලද රථවාහන වැරදි 158ක් හදුනාගෙන එම වාහන හිමිකරුවන්ට මුලික පියවරක් ලෙස අවවාද කිරීමට අදාල පොලිස් වසම් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙහිදී විශේෂයෙන්ම තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වැරදි නිරීක්ෂණය වී තිබෙනවා.

විශේෂයෙන්ම CCTV ජංගම රථ මගින්ද කොළඹ නගරයේ හදුනාගත් ස්ථාන වල නඩු ලබාගැනීම ආරම්භ කර ඇති අතර පෙබරවාරි 01 වැනිදා සිට නඩු ලබාගැනීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී තිබුණා.