27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව දෙළුම් ප්‍රභේද 02ක් එළියට

නව දෙළුම් ප්‍රභේද 02ක් එළියට

ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට නවතම ප්‍රභේද 02ක් ඊයේ (24) සිට හඳුවා දී තිබෙනවා.

‘මලී PINK’ සහ ‘ලංකා RED’ යන නමිනුයි මෙම ප්‍රභේද දෙක හඳුන්වා දී ඇත්තේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද පටක රෝපණ පර්යේෂණ අනුව මෙම දෙළුම් ප්‍රභේද හඳුන්වා දී තිබෙනවා.

පර්යේෂකයින් පවසන්නේ නව දෙළුම් ගසක ආයු කාලය වසර 30ක් වන අතර එක ගසකින් වසරකට දෙළුම් කි‍ලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි බවයි.

අක්කරයකට ගස් 400ක් වගා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් වාර්ෂිකව රුපියල් ලක්ෂ 80ක ආදායමක් ඉපයිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.