22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආදුරුප්පු වීදියේ වෙඩි තැබීමක්

ආදුරුප්පු වීදියේ වෙඩි තැබීමක්

ආදුරුප්පු වීදිය පොලිස් වසමේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ 26 හැවිරිදි ජෝජ්රාජ් ධනුෂ්රාජ් නැමැති තරුණයාට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සැකකරුවන් දෙදෙ⁣නාගෙත් එක් සැකකරුවෙකු යතුරුපැදිය ද සමග වෙරළබඩ පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිටත් ආදුරුප්පු වීදිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

සැකකරුවන් වෙඩිතැබීමට භාවිතා කළ පිස්තෝල අවියද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු සොයා විමර්ශන සිදුකරනු ලබයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.