26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකටාර් හිදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

කටාර් හිදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකික තරුණයෙක් ඊයේ (24) රිය අනතුරකින් මියගොස් තිබෙනවා.

ඔහු රැකියාව සඳහා කටාර් රාජ්‍යයට ගොස් ඇත්තේ මීට දින 26කට පෙරයි.

මෙලෙස රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ අල්වායි, නවගිරි ප්‍රදේශයේ පදිංචි තිලීප්කුමාර් තුවිකරන් නැමති 24 හැවිරිදි අයෙක් බවයි පොලීසිය පවසන්නේ.

ඔහු මීට වසර තුනකට පෙර විවාහ වී ඇතත් ඔහුට ස්ථිර රැකියාවක් නොමැති වීම හේතුවෙන් කටාර් රාජ්‍ය වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් ඔහු කටාර් රාජ්‍යයේදී ටිපර් රථයක ගැටීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත ඔහුගේ මළ සිරුර යාපනයට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.