26 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාමාතුරයන්ට නීති දැඩි වෙයි

කාමාතුරයන්ට නීති දැඩි වෙයි

දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත් ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහාත් පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන හඳුන්වාදීම සඳහා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබෙනවා.