දකුණු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සරණාගත මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 75 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
අදාඛ මධ්‍යස්ථානය වෙත ෂෙල් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර ඊශ්‍රායලය සඳහන් කරන්නේ අදාළ ප්‍රහාරය තම හමුදා විසින් සිදු කර නොමැති බවයි.