32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentටිපර් රථ 02ක් හා යතුරුපැදියක් ගැටී අනතුරක්

ටිපර් රථ 02ක් හා යතුරුපැදියක් ගැටී අනතුරක්

යාපනය – මහනුවර A9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් සහ කනගරායන්කුලම් අතර ප්‍රදේශයේදී ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මාන්කුලම් පොලීසිය පැවසුවේ මෙම රිය අනතුරෙන් සිව් දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි.

කිලිනොච්චිය සහ වව්නියාව දෙස සිට මෙම ටිපර් රථ දෙක අධික වේගයකින් ධාවනය වී ඇති අතර එහිදී මාන්කුලම් සහ කනගරායන්කුලම් අතර මාර්ගයේදී ධාවනය වූ යතුරුපැදියක් පසුකොට ටිපර් රථයක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි තවත් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අවස්ථාවේදී ටිපර් රථ දෙක එකිනෙක ගැටීම හේතුවෙන් ඊට යතුරුපැදියද මැදි වී ඇති අතර යතුරුපැදියේ ගමන්ගත් අඹු සැමියුවල බරපතල තුවාල ලබා තිබෙනවා.

ටිපර් රථ දෙකේ රියදුරන් සුළු තුවාල ලබා ඇති අතර අනතුරින් ටිපර් රථ පෙරලී බරපතල හානි සිදුව ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

බරපතල තුවාල ලැබූ අඹුසැමි යුවළ මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට මාරුකොට යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.