23.4 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදොඩම්ගස්ලන්දේ විහාරස්ථානයක වෙඩි තැබීමක්

දොඩම්ගස්ලන්දේ විහාරස්ථානයක වෙඩි තැබීමක්

දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (24) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මදුරාගොඩ පොලීසිය පැවසුවේ දොඩම්ගස්ලන්ද – උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩ වසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණ ද පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේ දී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් පරීක්ෂණවලට අනුව බඳින තුවක්කුවක් හා සමාන කුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.