29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමීනගයා දුම්රියේ ආපනශාලාව මුද්‍රා තබයි

මීනගයා දුම්රියේ ආපනශාලාව මුද්‍රා තබයි

මඩකලපුව කොළඹ අතර ධාවනය වන මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ආපන ශාලාවට මුද්‍රා තබා තිබෙනවා.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු එම්.එච්.එම් හම්සාගේ නියෝගයකට අනුවයි මෙලෙස ආපනශාලාවට මුද්‍රා තබා ඇත්තේ.

ඊයේ (24) ආපනශාලාවේ හිමිකරුට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අනුව ලබන 08 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට විනිසුරුවරයා නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව ආපනශාලා මැදිරියට සීල් තබා තිබෙනවා.

මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.සුගුණන්, වෛද්‍ය මිතුන්රාජ්, සෝතිරාජ අමිර්තන්, සෝමසුන්දරම් යසෝතන්ගේ ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් සඳුදා (22) දින නගරයේ ජනප්‍රිය හෝටල් සහ දුම්රිය මැදිරි ආපනශාලා හදිසි වැටලීමක් සිදු කළා.

මේ තත්ත්වය තුළ මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මැදිරියේ ආපනශාලාව පරීක්ෂා කිරීමේදී අනාරක්ෂිත ආහාර ව්‍යාපාරයක් සහ පිරිසුදුකමකින් තොර ආහාර ව්‍යාපාරයක් සිදුවන බව අනාවරණය වීමෙන් 8 වැනිදා දක්වා දින 14ක් වසා තබන ලෙස නියෝග කර තිබෙනවා.