29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 838ක් අල්ලයි

යුක්තියෙන් සැකකරුවන් 838ක් අල්ලයි

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 289 ක් සමගින් මුළු සැකකරුවන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී හෙරොයින් 211g, අයිස් 78g, ගංජා 16kg 600g, ගංජා පැළ 9,974ක්, මාවා 493g, මදන මෝදක 36g, මත්පෙති 1,192ක් සොයාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතරින් සැකකරුවන් 05 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් 10 ක් පුනරුත්තාපනය සඳහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 289 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 246 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 05 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.