28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ තවත් අයෙක් මියගොස් තිබෙනවා.

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කන්ටේනරයේ පිටුපස ගැටුණු ජීප් රිය ඉන් අනතුරුව අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.