― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී ලංකා - තායිලන්ත වෙළඳ ගිවිසුමට අනුමැතිය

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළඳ ගිවිසුමට අනුමැතිය

ශ්‍රී ලංකා තායිලන්ත වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම අපනයනාභිමුඛ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා ජාත්‍යන්තර වෙළඳපොල ප්‍රවේශය පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍යයෙන් අනුගමනය කළ යුතු උපාය මාර්ග ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේහි විශාලතම ආර්ථියක් සහ විශාලතම භාහිර ආයෝජක රාජ්‍යයක් වන තායිලන්තය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය 2018 වසරේ ජනවාරි 16 වනදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.

සාකච්ඡා ක්‍රියාවලිය අතරතුර ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව විසින් අදාළ සියලු දේශීය පාර්ශවකරුවන් සමග ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සහ තායිලන්ත දෙපාරශවය අතර පැවති සාකච්ඡා වට 9කට පසු සකස් කරනු ලැබ ඇති වෙළඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීම දේශීය නීති හා රෙගුලාසි සඳහා අනුකූලතාව සහ දැනුම් හුවමාරු කිරීම පහසුකරණය ඇතුලුව පූර්විකාව සහ ඇමුණුම් ඇතුලත් පරිච්ජේද 14කින් සමන්විත සම්පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාව ද ලැබී තිබෙනවා.

ඒ අනුව යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත්තේ.