ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වැනි ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 5.30 බොරැල්ලේ ජයරත්න මල්ශාලාවට රැගෙන එන අතර දේහය හෙට (26) පෙරවරු 10.30ට පුත්තලමේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතය.
අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් විය.