― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentත්‍රිරෝද රිය පෙරලී කාන්තාවක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රිය පෙරලී කාන්තාවක් ජීවිතක්ෂයට

කොස්ලන්ද – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කොස්ලන්ද – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල දේවාලයට නුදුරින් 212/7 බෝක්කුව අසළදී ඊයේ (25) රාත්‍රි ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන, අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් කුඩා දරුවන් ඇතුළු පස්දෙනෙකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර පොත්ගුල් විහාර මාවතේ පදිංචි එච් .පී. චම්පා නිලන්ති කරුණාරත්න නැමැති 54 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.

බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.