― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කැපෙයි

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කැපෙයි

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපා දමා තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලය මෙන්ම දුම්රිය භාවිතා කරන මගී ජනතාවද මහත් අපහාසුතාවයට පත්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල රුපියල් 877,741.90 ක් සඳහා චෙක් අංක 321865 දරණ චෙක් පත ඊයේ (25) දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතත් මේ දක්වා තවමත් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය නොමැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු නොවන අතර ඉටිපන්දම් භාවිතයෙන් මහත් පරිශ්‍රමයක් දරා එම දුම්රිය ස්ථානයේ කටයුතු සිදු‍ර තිබෙනවා.