― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් ගැන අනාවරණයක්

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් ගැන අනාවරණයක්

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වනවිට මෙරටට පැමිණ ඇත්තේ 13 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

2023 වසර තුළදී විශේෂඥ වෛද්‍යවරුන් 170 දෙනෙකු පමණ රට හැර ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් මෙලෙස විශේෂඥ වෛද්‍යවරුන් රට හැරගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ වනවිට වේගවත් වී ඇති අතර මෙරට සෞඛ්‍ය පද්ධතියට ඉන් විශාල බලපෑමක්ද එල්ල වී තිබෙනවා.

2022 වර්ෂයේ ජුනි මාසයෙන් අනතුරුව ගෙවුණු වසරක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 274ක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 850ක් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත්ව විදෙස්ගත වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.