28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅපට හැකිතරම් නිවන් සුව ප්‍රාර්ථනා කරන්න - එස්.එම්. චන්ද්‍රසේන

අපට හැකිතරම් නිවන් සුව ප්‍රාර්ථනා කරන්න – එස්.එම්. චන්ද්‍රසේන

අපිට හැකිතරම් නිවන් සුව ප්‍රර්ථනා කරන්න යැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සමාජ මාධ්‍ය හරහා තමා ඇතුළු දේශපාලඥයන්ට නිවන් සුව ප්‍රර්ථනා කිරීම කිසිම මොහොතක නතර කරන්න යැයි නොපවසන බවයි

ගෙවල් ගිනි තියන්න සෙට් වුණේ සමාජ මාධ්‍යවලින්. මම දැක්කා චන්ද්‍රසේනගේ නිවස ගිනි තියන්න 6 වෙනකොට අනුරාධපුර බස් නැවතුම්පොළට එකතු වෙන්න ඕන කියලා දාලා තිබුණා. ඒ වගේම 7 වෙනකොට යන්න ඕන කිව්වා. ඒ දවස්වල සමාජ මාධ්‍ය තුළ තිබු​ණේම නිවන් සුව කියලමයි. ඒ වගේම නාකි මයිනා කියලා පෝස්ට් දැම්මා. ඒ වගේ අසෝබන විදියටනේ මේක භාවිත කරන්නේ.