25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ ජනරජ දිනය අදයි

ඉන්දියාවේ ජනරජ දිනය අදයි

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය අද (26) සමරනු ලබනවා.

වික්සිත් භාරත් හෙවත් සංවර්ධිත ඉන්දියාවක් යන තේමාවෙන් මෙවර ජනරජ දිනය සමරයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මෙවර ඉන්දීය ජනරජ දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.

නවදිල්ලි නුවර රාජ්පාත්හි පැවැත්වෙන මෙවර ජනරජ දින පෙළපාලිය, හමුදා උත්තමාචාර, සංස්කෘතිකාංග ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විතයි.

1947 බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ ඉන්දියාව ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර එය ක්‍රියාත්මක කරන්නේ, 1950 වසරේ ජනවාරි 26 වැනිදා සිටයි.

ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීම සමරමින් එදින සිට ඉන්දියාව වාර්ෂිකව ජනරජ දිනය සමරයි.