29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායල - හමාස් යුද්ධය ගැන ජාත්‍යන්තර අධිකරණයෙන් තීන්දුවක්

ඊශ්‍රායල – හමාස් යුද්ධය ගැන ජාත්‍යන්තර අධිකරණයෙන් තීන්දුවක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරන මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණය මඟින් අද (26) නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව පවතින බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ජන සංහාරයක් සිදුකරන බවට දකුණු අප්‍රිකාව විසින් ඉදිරිපත් කරන ලද නඩුව මේ වනවිට විභාග වෙමින් පවතින බවයි.

එම නඩුවට අදාළව දෙපාර්ශ්වයම සාක්ෂි ඉදිරිපත් කර ඇති අතර ඊශ්‍රායලය තමන්ට එරෙහි වෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේනමුත් ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට එරෙහිව තීන්දුවක් ලබාදුන්න ද එය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.