26 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩු කල්ලිය ගැන පොලීසියට කියූ තරුණයාට ප්‍ර+හාරයක්

කඩු කල්ලිය ගැන පොලීසියට කියූ තරුණයාට ප්‍ර+හාරයක්

යාපනය අල්වායි ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ තියුණු ආයුධ ගත් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකදී තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

පහරකෑමට ලක් වූ තරුණයා ඊට පෙර යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී අයිස්ක්‍රීම් අලෙවි කරමින් සිටින අතරදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් අයිස්ක්‍රීම් මිලට ගන්නා මුවාවෙන් තරුණයා සතුව තිබූ මුදල් හා ජංගම දුරකථනය කොල්ල කා පලා ගොස් තිබුණා.

අනතුරුව ඒම තරුණයා අදාල කොල්ල කල්ලිය පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් තිබෙනවා.

පසුව ඔහු නිවස බලා යමින් සිටින අතරවාරයේදීයි යතුරුපැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇත්තේ.
එහිදී බරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 30 හැවිරිදි අල්වායි ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තියුණු ආයුධවලින් පහරදීම සිදුකළ පිරිස සහ කොල්ල කල්ලිය පිළිබඳව පුළුල් පරික්ෂණයක් අරඹා ඇති බවයි නෙල්ලිඅඩි පොලීසිය සඳහන් කරන්නේ.