29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකන්දකාඩුවේ රැඳවියන් ගැන වාර්තාවක් ඉල්ලයි

කන්දකාඩුවේ රැඳවියන් ගැන වාර්තාවක් ඉල්ලයි

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මස 09 වැනිදාට පෙර ලබාදෙන ලෙස පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවූවන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

දෙපිරිසක් අතර හටගත් ගැටුමක් හේතුවෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් 100කට ආසන්න පිරිසක් පසුගිය බදාදා රාත්‍රී පලා ගියා.

ඉන් 18 දෙනෙක් පෙරියාරු පාලම අසලදී පුලස්තිපුර ප්‍රදේශයේ පොලිසියට භාර වුණා. තවත් 34 දෙනෙක් අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් සියලු දෙනා ඉදිරිපත් කෙරුණේ පොලොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවටයි.

අධිකරණයට ඉදිරිපත් කළ සියලු රැඳවූවන් ජනවාරි 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අධිකරණය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් පෙබරවාරි 09 වැනිදාට පෙර ලබා දෙන ලෙස නියෝග කළා.

මේ අතර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය තවත් රැඳවූවන් 13 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.