28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී 6 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී 6 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

මහියංගණය, ඌව තිස්සපුර ප්‍රදේශයේ දියනෑමට ගිය වයස අවුරුදු 6 ක පිරිමි දරුවෙකු ඊයේ (25) දියේ ගිලී මියගොස් තිබෙනවා.

මහියංගණය පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහියංගණය, දික්කැන්දයායේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ කණිෂ්ක දිල්ශාන් නැමැති දරුවා 6 හැවිරිදි දරුවෙක් බවයි.

මෙම දරුවා ඌව තිස්සපුර ප්‍රදේශයේ පිහිටි ට්‍රැක් 1 ඇළේ තවත් පිරිසක් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදී දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේද්නී ප්‍රදේශවාසින් එක්ව දරුවා ගොඩ ගෙන ප්‍රතිකාර සඳහා ඌරණිය රෝහලට ඇතළත් කිරීමෙන් පසුවයි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මියගිය දරුවාගේ දේහය ⁣පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර මේ පිළිබඳව මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.