― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපිහියක් රැගත් අයෙක් නිසා තංගල්ල කැලඹෙයි

පිහියක් රැගත් අයෙක් නිසා තංගල්ල කැලඹෙයි

තංගල්ලේදී පිහියක් රැගත් පුද්ගලයෙකු පුද්ගලයන් රැසකට පහරදී තිබෙනවා.

තංගල්ල නගර මධ්‍යයේ වෙළෙඳසැලක් අසළ සිටි පුද්ගලයකුට පිහියක් රැගෙන විත් පුද්ගලයකු පහර දෙන අතර එම පහරදීම නවතා දැමීම සඳහා මැදිහත් වන පුද්ගලයන්ට ද ඔහු පහර දෙන ආකාරය අසළ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.

එම පහරදීම නිසා එක් අයෙක් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදීම සිදු කළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා කිසිඳු හේතුවක් නොමැතිව එක්වරම අසභ්‍ය වචන පවසමින් මෙම පහර දීම සිදු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.