25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මුලතිව්, පුදුකුඩුඉරුප්පු හිදී ඊයේ (25) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගොයම් කපන යන්ත්‍රයක් රැගත් ටිපර් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් ස්වාතිපුරම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බරපතළ තුවාල ලබා පුදුකුඩුඉරුප්පු මූලික රෝහලට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පුදුකුඩිරිප්පු පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ගොයම් කපන යන්ත්‍රය රැගෙන යමින් සිටි ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩුඉරුප්පු පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.