29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිගමට පැය 24ක ජල කප්පාදුවක්

වැලිගමට පැය 24ක ජල කප්පාදුවක්

වැලිගම ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 10.00 සිට හෙට (27) පෙරවරු 10.00 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

වැලිගම ජල සම්පාදනයට අයත් චාර්ලිමවුන්ට ටැංකිය වෙත ජලය රැගෙන යන සම්ප්‍රේෂණ ජල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදු කර ඇත්තේ.

ඒ අනුව වැලිපිටිය, කොලේදණ්ඩ, කොක්මාදුව, බෙරලැලිය, මූනමල්පේ, හල්ලල, උඩුකාව, දෙනිපිටිය, වරකපිටිය, වැලිහිද, කපුවත්ත සහ මදුරාගොඩ යන ප්‍රදේශවලට පැය 24ක කාලයක් ජල සැමයුම අත්හිටවෙනු ඇති.