27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් කතකට හදි කළ ගයිඩ් අත්අඩංගුවට

විදෙස් කතකට හදි කළ ගයිඩ් අත්අඩංගුවට

මෙරටට පැමිණ සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කිරීමට සහ මුහුණ සිප ගැනීමට උත්සාහ කළ බව කියන සංචාරක මග පෙන්වන්නෙකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙට්‍රොනෙල්ලා ඇග්නිටා මරියා නමැති 42 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක විසින් කළ පැමිණිල්ලක් මතයි සැකකරු ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක් බවයි.

කෙසේවෙතත් ඔහු පැමිණිලිකාරිය සමග හිතවත්කමක් පවත්වා ඇති අයෙකු බවත් පොලීසිය පවසනවා.

අදාළ නෙදර්ලන්ත ජාතික කත වස්කඩුව ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිට ඇති අතර ඇය පෙරේදා (24) රාත්‍රියේ මත්පැන් පානය කර කාමරයේ නිදා සිටියදී සැකකරු ඇයට ලිංගික අතවර සිදුකර ඇති බවටයි පැමිණිල්ලේ සටහන්ව ඇත්තේ.

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.