25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසනත් නිශාන්තගේ දේහය අද ආරච්චිකට්ටුවට

සනත් නිශාන්තගේ දේහය අද ආරච්චිකට්ටුවට

ඊයේ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත ඊයේ රැගෙන ආ අතර අද (26) ආරච්චිකට්ටුවේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යාමට නියමිතයි.

අරගලය සමයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවස ගිනිතැබීම හේතුවෙන් දේහය තැන්පත් කිරීමට සැළසුම් කර ඇත්තේ ඔහුගේ කාර්යාලයේ බව සඳහන්. දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා ආරච්චිකට්ටුව – රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

පෙරේදා කොළඹ බලා පැමිණෙමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය කන්ටේනරයක ගැටීමෙන් අනතුරට ලක්වූ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙන්ම ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයාද මියගියා.

අනතුරෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් කන්ටේනර් රථයේ රියදුරා අද වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.