― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසෙල්ෆි ගන්න ගිය විදෙස් කතක් දුම්රියෙන් වැටෙයි

සෙල්ෆි ගන්න ගිය විදෙස් කතක් දුම්රියෙන් වැටෙයි

දෙමෝදර සිට ඇල්ල දක්වා ගමන්ගත් දුම්රියේ සිටි රුසියානු ජාතික කාන්තාවක් ඡායාරූප ලබා ගැනීමට යාමේදී දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා තිබෙනවා.

අද (26) උදෑසන 10ට පමණ ඇල්ල පොලිස් වසමේ දෙමෝදර සිට ඇල්ල දෙසට වන්නට පිහිටා ඇති ගල් බිංගෙය අසළදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පොලීසිය පැවසුවේ Kristina Alagwana වන ඇය 25 හැවිරිදි තරුණියක් බවයි.

ඇය ප්‍රතිකාර සඳහා දෙමෝදර රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය බදුල්ල රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විදේශීය කාන්තාව හික්කඩුව සිට එක්දින සංචාරකයක් සඳහා ඇල්ල වෙත පැමිණ ඇති අතර විදේශ ගමන් බලපත්‍රය නවාතැන් ගත් හෝටලයේ තබා පැමිණ ඇති බව පොලීසිය පවසනවා.