― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල ඉහළට

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල ඉහළට

2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අපොස සා.පෙළ විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

2021/2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්ව ලාභීන්ට මේ වනවිට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ගෙවනු ලබන අතර මෙතෙක් මාසික වාරික 10ක් ගෙවා ඇති බවයි ජනාධිපති අරමුදල පවසන්නේ.

ඒ අනුව ශිෂ්‍යත්ව මුදල ඉහළ නැංවීමත් සමඟ 2024 පෙබරවාරි මාසයේ සිට අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් සැම මසකම පළමු සතිය තුළ ජනාධිපති අරමුදල වෙතින් පිරිනැමෙනු ඇති.