― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදිය නෑමට ගිය අයෙක් අතුරුදන්

දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

මුලතිව්, මාතලන් මුහුදු සීමාවේ දිය නෑමට ගිය පුද්ගලයෙක් ඊයේ (28) සවස දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇති බව මුලතිව් පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු, 10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

අදාළ මුහුදු සීමාවේ දිය නෑමට නොයන ලෙසට පවසා ඇති අවස්ථාවක මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ මෙලෙස එම මුහුදු ප්‍රදේශයේ දියනෑමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා ප්‍රදේශයේ ධීවරයින්, පොලිසිය හා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.