29.5 C
Colombo
Thursday, February 29, 2024

නුවරඑළියට මත්කුඩු බෙදූ අයෙක් අල්ලයි

නුවරඑළිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරි ත්‍රීරෝද රථ රියදුරෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කලක සිට වට්ස්ඇප් පණිවිඩ හරහා මත්කුඩු ගෙන්වාගෙන නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෙදාහැර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකු බවයි.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 100ක මත්කුඩු ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහුගේ දුරකථන දත්ත පරික්ෂා කිරීමේදී දිගු කලක් තිස්සේ මෙම මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවත් පුද්ගලයන් කිහිපදෙනෙකු හරහා නුවරඑළිය ආසන්න ප්‍රදේශයන් කිහිපයකට ඒවා ඉතාමත් සූක්ෂම ලෙස බෙදාහැර ඇති බවටත් කරුණු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

Latest

ඔක්කම්පිටියේ නාඳුනන මළ සිරුරක්

ඔක්කම්පිටිය ප්‍රදේශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබෙනවා. පොලීසිය...

මෛත්‍රීට නිවසක් ලබාදීමේ තීරණය බලරහිත කරයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි...

හෙට දකුණු පළාතේ ශෝක දිනයක්

දක්ෂිණ දීපය තුළ රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව...

තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙළියගෙන් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර...

Don't miss

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත්...

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

ඔක්කම්පිටියේ නාඳුනන මළ සිරුරක්

ඔක්කම්පිටිය ප්‍රදේශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබෙනවා. පොලීසිය පැවසුවේ බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මාළිගාවිල කළුගල්කටාන ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක්...

මෛත්‍රීට නිවසක් ලබාදීමේ තීරණය බලරහිත කරයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ...

හෙට දකුණු පළාතේ ශෝක දිනයක්

දක්ෂිණ දීපය තුළ රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කරමින්, අධ්‍යාපනය සඳහා ඉතා විශිෂ්ඨ දායකත්වය සැපයූ රොනී ද මෙල් අභාවප්‍රාප්ත වීම හේතුවෙන් හෙට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here