― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබඹරු ඇවිස්සී වතු කම්කරුවන් 06ක් රෝහලට

බඹරු ඇවිස්සී වතු කම්කරුවන් 06ක් රෝහලට

මස්කෙළිය, මරේ වතුයායේදී සිදු වූ බඹර ප්‍රහාරයකින් එම වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් හයදෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (28) සවස මරේ වතුයායේ තේ දළු කඩමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

කාන්තාවන් පස්දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා මෙලෙස රෝහල්ගත කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් එම තුවාලකරුවන් මේ වනවිට මස්කෙළිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එම රෝහලේ නිලධාරියෙකු පැවසීය.