― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබ්‍රිතාන්‍ය රාජකීය නෞකාවක් කොළඹ වරායට

බ්‍රිතාන්‍ය රාජකීය නෞකාවක් කොළඹ වරායට

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (28) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Offshore Patrol Vessel (OPV) වර්ගයට අයත් ‘HMS SPEY’ නෞකාව, දිගින් මීටර් 90.5 ක් හා නැව් මුළුව 56 දෙනෙකුගෙන් සමන්විත වන අතර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් Commander PAUL CADDY කටයුතු කරනු ලබයි.

එමෙන්ම ‘HMS SPEY’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල නෞකාවේ අණදෙන නිලධාරී විසින් බටහිර නාවික විධානයේ ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් අතර නිල හමුවන් පැවැත්වීමට නියමිත අතර එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, ‘HMS SPEY’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් 2024 ජනවාරි මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතය.