― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබිරිඳ එළොව යැවූ සැමියාට මරණ දණ්ඩනය

බිරිඳ එළොව යැවූ සැමියාට මරණ දණ්ඩනය

තම බිරිඳ ඝාතනය කළ සැමියෙකුට වසර 14කට පසුව උතුරු මැද පළාත්බද මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

2010 වසරේ ජනවාරි මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තම්මන්නාවදී සිය බිරිඳට අතින් පයින් පහරදී, ඇගේ සිරුරට භූමිතෙල් වත්කොට, ගිනිතබා බරපතළ තුවාල සිදුකර ඇය මරා දැමූ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබෙනවා.

විත්තිකාර සැමියා එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විසිනුයි ඔහුට මෙලෙස මරණ දණ්ඩනය නියම කර ඇත්තේ.

නොච්චියාගම, පහළ මාරගහවැව, තම්මන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස මරණ දණ්ඩනය නියම වී තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය සඳහන් කළේ.