― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsආණ්ඩුව ඔන්ලයින් පනත ගේන්නේ මැතිවරණය දිනන්න

ආණ්ඩුව ඔන්ලයින් පනත ගේන්නේ මැතිවරණය දිනන්න

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත හරහා නැතිකර තිබෙන බවත් මෙම පනත් සියල්ල ආණ්ඩුව ගෙන එන්නේ ජනතාව පාලනය කිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මැතිවරණය පැවැත්වෙන වර්ෂයක ප්‍රතිත්‍රස්ත පනත ගෙනැවිත් තිබෙන්නේ ජනතාව මර්දනය කර මැතිවරණය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් බවයි ඔහු එහිදී කියා සිටියේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ වගන්ති 57න් වගන්ති 32ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්න ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැර කථානායකවරයාත්, ආණ්ඩුවත් පනත සම්මත කරගත් බවත් මීට පෙර සිටි කථානායකවරු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බවත් වර්තමාන කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා හැර තිබෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළා.