30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළඹ මාර්ග නීති කැඩූ රියදුරන් 675ක් හඳුනාගනී

කොළඹ මාර්ග නීති කැඩූ රියදුරන් 675ක් හඳුනාගනී

කොළඹ නගරයේ රථවාහන වැරදි සිදුකළ වාහන 675ක් CCTV ආවේක්ෂණ පද්ධතිය මගින් හඳුනාගෙන ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

කෙසේනමුත් ලබන මස 01 වැනිදා සිට කොළඹ නගරය තුළ CCTV මගින් හඳුනා ගන්නා රථ වාහන වැරදි සිදුකළ වාහනවලට දඩ පත්‍රිකා නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

දුර බැහැර සිට කොළඹට පැමිණෙන යම් රියදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර හසු වුවහොත් ඊට අදාළ දඩ පත්‍රිකාව ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා නිකුත් කිරීමටයි මේ යටතේ සැලසුම් කර තිබෙනවා.

පසුගිය 22 වැනිදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඹා යෑම සඳහා පොලිසිය විසින් නව CCTV නිරීක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කෙරුණා.

මෙම නව වැඩසටහන යටතේ CCTV කැමරා 108කින් කොළඹට ඇතුළු වන වාහන නිරීක්ෂණය කරනු ලබනවා.