― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදින 11ක බිළිඳා රෝහලේ දමා දෙමාපියන් පළා ගිහින්

දින 11ක බිළිඳා රෝහලේ දමා දෙමාපියන් පළා ගිහින්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපත ලබා දින 11කින් පසු මියගිය බිළිඳාගේ දෙමාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට නියම කර තිබෙනවා.

නොමේරු තත්ත්වයක උපත ලද දරුවා ප්‍රසූත කළ මව දරුවා ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් කිසිවකුටත් නොදන්වා මීට දින කිහිපයකට පෙර පිටව ගොස් තිබුණා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් සිටින ළදරුවාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා දෙමාපියන් සොයා ඔවුන් හා සම්බන්ධ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ තෙන්නකෝන් මහතා පොලීසියට නියම කර තිබෙනවා.

එසේම ළදරුවාගේ දෙමාපියන් රටින් පැන යාහැකි බවට තොරතුරක්ද පොලීසියට ලැබී ඇති අතර ඔවුන්ට රටෙන් පැන යා නොහැකි වන ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට දන්වන ලෙසද නියම කර තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ පොල්ගහවෙල, ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් මෙම ළදරුවාගේ දෙමාපියන් වන බවයි.

දම්මි අබේසිංහ නමැති තරුණ කාන්තාවක් දරුවා ප්‍රසූත කර ඇති බව අනාවරණය වී ඇති අතර පොලීසිය සැක පළ කරන්නේ ඔවුන් ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක් බවයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සැඟව සිටින තැන් සොයා පොලීසිය විමර්ශන අරඹා තිබේ.

දරුවාගේ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට අදාළ නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.