25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිය නෑමට ගිය අයෙක් අතුරුදන්

දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

මුලතිව්, මාතලන් මුහුදු සීමාවේ දිය නෑමට ගිය පුද්ගලයෙක් ඊයේ (28) සවස දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇති බව මුලතිව් පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු, 10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

අදාළ මුහුදු සීමාවේ දිය නෑමට නොයන ලෙසට පවසා ඇති අවස්ථාවක මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ මෙලෙස එම මුහුදු ප්‍රදේශයේ දියනෑමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා ප්‍රදේශයේ ධීවරයින්, පොලිසිය හා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.