26.7 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැහැරගත් 'ලොරෙන්සෝ පුතා 4' මුදාගනී

පැහැරගත් ‘ලොරෙන්සෝ පුතා 4’ මුදාගනී

සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනා මුදා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මුදා ගත් ධීවරයින් පිරිස සීෂෙල්ස් රාජ්‍යයේ අගනුවර වෙත රැගෙන යමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙන්, සීෂෙල්ස් ආරක්ෂක අංශ මෙම මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරනු ලැබූ අතර මංකොල්ලකරුවන් පිරිසෙන් 03 දෙනෙකු සීෂෙල්ස් ආරක්ෂක අංශ වෙත භාර වී තිබෙනවා.

‘ලොරෙන්සෝ පුතා 4’ නැමැති අදාළ යාත්‍රාව සිය මංගල මුහුදු ගමන පසුගිය 12 වෙනිදා දික්ඕවිට වරායෙන් පිටත්ව ගොස් තිබුණා.

හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් 06 දෙනෙකු එහි ගමන් ගත් අතර ඉන් තුන්දෙනෙකුම එකම පවුලේ සමාජිකයින්ය