― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsමුණුපුරා අතින් නොඑන ගමන් ගිය මිත්තණියගේ දේහය ගොඩගනී

මුණුපුරා අතින් නොඑන ගමන් ගිය මිත්තණියගේ දේහය ගොඩගනී

පහළොස් හැවිරිදි මුණුපුරා අතින් ඝාතනයට ලක් වූ බවට සැක කෙරෙන බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක කාන්තාවකගේ මෘත දේහය අද (29) යළි ගොඩගනු ලැබුවා.

ඒ, තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර ඉදිරියේදීයි.

එම අවස්ථාවට තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න සෙල්ලහේවා ද සහභාගී වුණා.

එලෙස ගොඩගනු ලැබූ මෘත දේහය තංගල්ල මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

පසුගිය 17 වැනිදා බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ කාන්තාව ඇය පදිංචිව සිටි නිවසේ දී මියගොස් තිබුණා.

එහිදී සිය මිත්තණිය මියගිය බවට පහළොස් හැවිරිදි මුණුපුරා විසින් ග්‍රාමසේවකට දැනුම්දීමට කටයුතු කර ඇති අතර එහිදී ග්‍රාමසේවා නිලධාරියා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලිසියට ද දැනුම් දෙන ලෙසයි.

අනතුරුව මුණුපුරා බෙලිඅත්ත පොලිසියට ද ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ. මේ අතර මියගිය මිත්තණියගේ නිවස ආසන්නයේ පිහිටි තවත් නිවසක පසුගිය 30 වනදා සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් මෙම මුණුපුරාගෙන් පොලිසිය පසුගිය දා ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී තමන් විසින් එම නිවසින් රන් භාණ්ඩ සොරකම් කළ බවට පිළිගෙන ඇති මුණුපුරා, තම වයෝවෘධ මිත්තණියගේ ගෙළේ තිබූ රන් මාලය ද සොරාගත් බවයි පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

මුණුපුරා විසින් පොලිසිය හමුවේ මෙම කරුණු හෙළිකර ඇත්තේ මිත්තණිය මියගොස් ඇයගේ අවසන් කටයුතු ද සිදුකිරීමෙන් පසුවයි.

ඒ අනුව පසුගිය 26 වැනිදා සැකකාර මුණුපුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු විසින් මිත්තණිය ඝාතනය කළ බවටයි පාපොච්ච්රණය කර ඇත්තේ.

මෙහිදී අනාවරණය කරගත් කරුණු අනුව සොරාගත් රන් මාලය අලෙවි කිරීමට උදව්කළ මිතුරන් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකාර මුණුපුරා සහ මිතුරන් දෙදෙනා තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.