31 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමුව සරසවියේ සිසුන් 06ක් අත්අඩංගුවට

සබරගමුව සරසවියේ සිසුන් 06ක් අත්අඩංගුවට

සිසුවියකට නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනෙක්ම මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ (28) දින මෙලෙස අත්අඩංගුවට ගැනුණු සිසුන් හයදෙනා 23, 24 සහ 25 යන වයස්වල පසුවන එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අයවලුන් බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය 14 වනදා 1997 දුරකථන මධ්‍යස්ථානය ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.