― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2025 දී නව දේපළ බද්දක්

2025 දී නව දේපළ බද්දක්

2025 වසරේදී නව දේපළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එම දේපළ බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපළක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවයි.

එමෙන්ම ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ නව වක්‍ර බදු හඳුන්වාදීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බවයි .

වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිලේ ඉහළ යාමක් සිදුනොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.