― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot News60 හැවිරිදි කතකට හදි කළ අයෙක් අල්ලයි

60 හැවිරිදි කතකට හදි කළ අයෙක් අල්ලයි

60 හැවිරිදි එක්දරු මවකට අතවර කළ 65 හැවිරිදි රියදුරෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අතවරයට ලක්වූ කාන්තාව හුදකලාව දිවි ගෙවා ඇති අතර තම නැගණියට මෙම සැකකරු පොල්ලකින් පහරදීමට ගිය බව කියන සිද්ධියක් පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට ලත් පැමිණිල්ලක් අනුව කළ විභාගයෙදී මෙම අතවර සිද්ධිය හෙළි වී ඇති බවයි.

මීරිගම පොලිසිය පැවසුවේ පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වැනිදා සිදුවූ බව කියන මෙම සිද්ධිය කාන්තාව රහසක් ලෙස තබාගෙන සිට පසුගිය දිනක ඇගේ නැගණියට පවසා ඇති බවයි.

නැගණිය ඒ පිළිබඳව සැකකරුගෙන් කළ විමසීමකදී ඔහු ඇයට පොලු පහර දීමට පැමිණ ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ අවස්ථාවේ නැගණිය පහරදීමට පැමිණීම පිළිබඳව ඇය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණයට පොලිස් නිලධාරීන්ගේ අවස්ථාවේ මෙම අතවර සිද්ධිය පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අතවරයට ලක් වූ බව කියන කාන්තාව රෝහල් ගත කර සැකකරු අත්අඩංගුවට ගත් බවයි.