― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද සිට

කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද සිට

76 වන නිදහස් දින උළෙලේ පෙරහුරු හේතුවෙන් අද (30) දිනයේ සිට කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

ඒ අනුව අද (30) සිට ලබන 04 වැනිදා දක්වා මෙලෙස මාර්ග වසා තැබීම් සහ රථවාහන ගමනාගමනය සීමාකිරීම් සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

නිදහස් උළෙලේ පෙරහුරු සිදුකරන අද (30) සිට පෙබරවාරි මස 02 වැනිදා දක්වා පෙරවරු 06 සිට දහවල් 12 දක්වාත්, පෙබරවාරි 03 වැනිදා පස්වරු 02 සිට 04 වන දින උත්සවය අවසන් වන තෙක් මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.