― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසනත් නිශාන්තගේ බිරිඳ අනුරාධ ජයකොඩිගේ නිවසට

සනත් නිශාන්තගේ බිරිඳ අනුරාධ ජයකොඩිගේ නිවසට

පසුගිය 25 වැනිදා අලුයම කටුනායක අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ නිවසට රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ පැමිණියා.

ඊයේ (29) පස්වරුවේ පොලිස් සැරයන්වරයාගේ මහනුවර, මරවනාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා ඔහුගේ ඥාතීන්ට ශෝකය පළකර සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය අධිවේගී මාර්ගයේදී කන්ටේනර් රථයක ගැටී සිදු වූ අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි ද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

පොලිස් ගෞරව යටතේ ඔහුගේ අවසන් කටයුතු මහනුවර, මරවනාගොඩ පොදු සුසාන භූමියේදී පසුගිය 27 වැනිදා සිදුකෙරුණා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ දේශපාලනයට පිවිසීම සඳහා තමාගේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් තම ස්වාමි පුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන් ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේ දී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ ඇති බවයි ඇය එහිදී සඳහන් කර සිටියේ.