― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසෆාරි ජීප් රථ ගාස්තුව ඉහළට

සෆාරි ජීප් රථ ගාස්තුව ඉහළට

යාල සහ බුන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තු රුපියල් 2,000 කින් ඉහළ දමා තිබෙනවා.

යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත ඊයී (29) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ටොයෝටා හයිලැක්ස් සහ මිට්ෂුබිෂි රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 13,000 සිට රුපියල් 15,000 ක් දක්වා ද, දිනක සංචාරක ගාස්තුව රුපියල 28,000 සිට 30,000 දක්වා ද, ඉහළ දැමූ බවත් මහේන්ද්‍රා මැක්සි සහ ටාටා රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 11,000 සිට රුපියල් 13,000 ක් දක්වා ද, දිනක සංචාරයක ගාස්තුව රුපියල් 26,000 සිට 28,000 දක්වා ද ඉහළ දමා තිබෙනවා.

යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ ජීප් රථ 475 ක් පමණ ලියාපදිංචි වී සිටින බව පැවසූ සභාපතිවරයා අවධාරණය කළේ ඉන්ධන වියදම සහ වාහන අමතර කොටස් මිල ඉහළ යෑම නිසා ජීප් රථ හිමියන් ව්‍යාපාරයෙන් ඉවත්වෙමින් සිටින බවයි.