29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසාවියේදී හොරෙන් නඩුවක් වීඩියෝ කළ අයෙක් අල්ලයි

උසාවියේදී හොරෙන් නඩුවක් වීඩියෝ කළ අයෙක් අල්ලයි

ඊයේ (29) ගලගෙදර අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු අධිකරණ ශාලාවේ නඩුවක් විභාග වෙමින් තිබියදී එහි දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු රථවාහන නඩුවක් සම්බන්ධයෙන් පූජාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගලගෙදර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම සිදුවීම සිදු වී ඇත්තේ.

කුරුණෑගල, පානගමුව ප්‍රදේශයේ පදිංචි මොහොම්මදු මුස්තාෆා රාම්සික් නැමැති මෙම සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2000ක දඩ මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත දැඩි අවවාද කොට මුදා හැර තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනය අධිකරණ භාරයට ගෙන එහි වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් අතර සැකකරුට යළි මාර්තු මස 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගලගෙදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.