29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාතාල කල්ලි සාමාජිකයෙක් යුක්තියෙන් කොටු

පාතාල කල්ලි සාමාජිකයෙක් යුක්තියෙන් කොටු

පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා ටී 56 වර්ගයේ ගිනි අවියක්, රැගෙන මෝටර් රථයකින් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ වීරප්පන් සහ බාජා නැමැති අන්වර්ථ නම්වලින් හඳුන්වන 46 සහ 29 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බවයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ ඇතුළු පොලිස් කණ්ඩායම දෙල්ගොඩ සිට අගුරුවාතොට දෙසට ගමන් කළ මෝටර් රථය නාර්තුපාන පාළම ආසන්නයේ දී නවතා පරීක්ෂා කිරීමේදී උණ්ඩ 28 ක් සහිත මැගසීනයක්, ටී 56 ගිනිඅවියක්, කඩු 2 ක්, අත් බෝම්බ 2 ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11 ක් සොයාගෙන තිබෙනවා. ඒ සමඟම මෝටර් රථයද සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

තවදුරටත් ප්‍රධාන සැකකරුගේ නිවස වටලා පරීක්ෂා කිරීමේදී තවත් කඩු 5 ක්, වායු රයිෆලයක්, ගල්කටස් ගිනිඅවියක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ ටී 56 ගිනි අවියේ සියලු අංක කිසියම් උපකරණයක් යොදා මකාදමා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබාගැනීමට නියමිත බවත්ය.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.